ලොව ප්‍රසිද්ධ නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ යුක්‍රේනය පැත්තේ හිට ගනී

ලොව ප්‍රසිද්ධ නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ යුක්‍රේනය පැත්තේ හිට ගනී

බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින් ඔවුන්ගේ කාලය සහ මුදල් පිරිනැමීමට ඉදිරිපත් වී තියෙනවා. ටයිටැනික් තරුව ලියනාඩෝ ඩිකැප්‍රියෝ යුක්රේනයට ඩොලර් මිලියන 10ක් පරිත්‍යාග කර ඇති අතර ඔහු හොලිවුඩයේ වඩාත් ප්‍රසිද්ධ නළුවෙක් වෙනවා. යුක්රේනයේ අසල්වැසියෙකු වන පෝලන්ත මාධ්‍යවල ඩිකැප්‍රියෝගේ මෙම සහය දැක්වීම ගැන තොරතුරු වාර්තා කර තිබෙනවා.

ඩිකැප්‍රියෝ සහ යුක්‍රේනය අතර සම්බන්ධය තීරණාත්මක එකක්. ඩිකැප්‍රියෝට යුක්‍රේනියානු සම්භවයක් තිබෙනවා. හෙලේනා, ඔහුගේ මවගේ ආච්චි, දකුණු යුක්රේනයේ ඔඩෙස්සා නගරයේ උපත ලබපු කෙනෙක්. හෙලේනා 1917 දී ඔඩෙස්සා සිට ජර්මනියට ගියා.

ජර්මනියේ පදිංචිව සිටියදී ඇය ඩිකැප්‍රියෝගේ මව ඉර්මෙලින් ඇති දැඩි කළා. මෙම පෙළපත මත පදනම්ව, ඩිකැප්‍රියෝ යුද්ධයෙන් විනාශ වූ යුක්රේනයට පුද්ගලිකව ඩොලර් මිලියන 10ක් පරිත්‍යාග කර තිබෙනවා.

ඩිකැප්‍රියෝ මූලික වශයෙන් හැදී වැඩුණේ ඔහුගේ දෙමාපියන් ළඟයි. නමුත් ඔහු ආරම්භයේ සිටම ඔහුගේ වැඩ සඳහා විශිෂ්ට සහය දක්වන්නෙක් වූ ඔහුගේ ආච්චිට වඩාත් සමීප‍යි. 2008 දී මිය ගිය ඔහුගේ ආච්චි, වයස අවුරුදු 93 දී, ඔහුගේ සියලුම චිත්‍රපට විවෘත කිරීම් සඳහා ප්‍රායෝගිකව ඇගේ මුනුබුරා සමඟ සහභාගී වුණා.

https://bit.ly/37km2dd