800 චිත්‍රපටයේ වැඩකටයුතු යළි අරඹයි

මෙරට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කථාව පාදක කරගනිමින් නිර්මාණය කෙරෙන 800 නැමැති දමිළ චිත්‍රපටයේ වැඩකටයුතු නැවත ආරම්භ කර තිබෙනවා.
එම චිත්‍රපටයේ මුරලිගේ චරිතයට රංගනයෙන් එක් වූ තමිල්නාඩුවේ ජනප්‍රිය නළු විජේ සේතුපතිට දකුණු ඉන්දියාවෙන් එල්ල වූ විරෝධතා හේතුවෙන් 2020 වසරේදී මෙහි කටයුතු නතර කර දැමුණා.

