රුසියා – යුක්‍රේන ආක්‍රමණයෙන් ලංකාව ඉගෙනගත යුතු දේ

රුසියා – යුක්‍රේන ආක්‍රමණයෙන් ලංකාව ඉගෙනගත යුතු දේ

යුද්ධයක් යනු මිනිස් ජිවිත ගණනාවක් මෙන්ම රාජ්‍යක ආර්ථිකය, මානුෂීයත්වය, මෙන්ම විදේශ සබඳතා ද රැසක් අහිමි කරවන දරුණු ගැටුමකි. තිස් වසරක් යුධ ගිනි නිසා බැට කෑ ශ්‍රී ලාංකික අපි ඒ බව හොඳින්ම දනිමු. දරුවන්ට දෙමව්පියන්ද, දෙමව්පියන්ට දරුවන්ද, බිරින්දෑවරුන්ට සැමියන්ද, හිතමිත්‍රාදීන්ද දෑස් ඉදිරියේදීම අහිමි වෙද්දී යුද්ධයක භයානක බව අප හඳුනා ගත්තෙමු. ලොව කොහේ හෝ යුධ ගිනි ඇවිලුනත්, මෙරට මිනිසුන්ගේ සිත් තුල වැඩි වශයෙන් අනුකම්පාව උපදින්නේ ඒ නිසාය.

වර්තමානයේ බරපතල ලෙසම මුළුමහත් ලෝකයම අවධානයෙන් සිටින කරුණ වන්නේ, රුසියාවේ යුක්රේන ආක්‍රමණයයි. රුසියාවට එරෙහිව බලවත් රාජ්‍යයන්ගේ ප්‍රතිචාරය කෙසේ වේද යන්න ලොව සියලු රට වල අවධානය යොමුව ඇති කරුණකි. එසේම බලවත් රාජ්‍ය යුක්රේනයට කෙලෙස සහය දක්වන්නේද යන්න පිළිබඳව සියල්ලන්ම බලා සිටිති. මෙවන් වටපිටාවක ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට මෙම යුධමය තත්වය විශාල වශයෙන් බලපෑමට ඉඩකඩ ඇත.

ප්‍රධාන වශයෙන් මෙම යුද්ධය වෙත චීනයේ මැදිහත්වීම ශ්‍රී ලංකාවට දේශපාලනික, ආර්ථිකමය වශයෙන් මෙන්ම සමාජීය වශයෙන්ද බලපෑමට ලක් වන කරුණකි. ලෝක බලවතෙකු බවට පත් වීමේ චීනයේ නොනිමි ආශාව පාදක කර ගනිමින් චීනය තම අසල්වැසි මිත්‍රයා වන රුසියාවට එරෙහිව සම්බාධක පැනවූ රටවල් වල අවධානය චීනය වෙතද එල්ල වෙමින් පවතියි. මෙම තත්වය ප්‍රභල ලෙස බලපානු ලබන්නේ චීනය සමග සුහද සබඳතා පවත්වාගෙන යන ශ්‍රී ලංකාව වැනි කුඩා රට වලටය.

චීනය සහ රුසියාව ඔවුන්ගේ මිත්‍රත්වයට “සීමාවක් නොමැති” බව ප්‍රකාශ කරමින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර සති කිහිපයකට පසුව, චීන ජනපති ෂී ජින් – පින් ගේ රුසියානු මිතුර වන ව්ලැද්මීර් පුටින්ගේ මෙම යුක්රේන ආක්‍රමණය පිළිබඳව චීනය තවමත් ඍජුව අදහස් දක්වා නොමැති අතර චීනය විසින් සිදු කරන ඇතැම් ප්‍රකාශ සහ ක්‍රියාකලාපයන් මගින් පැහැදිලි වන්නේ ඔවුන්ට තම අසල්වැසි සගයා උරණ කර ගැනීමට අවශ්‍යතාවයක් නොමැති බවයි. කෙසේ නමුත් දැනටමත් සම්බාධක වලට ගොදුරුව සිටින චීනය රුසියාවට ලබාදෙන ආධාරය කුමක්දැයි අපි විමසිල්ලෙන් සිටිය යුතුය.

චීන පුරවැසියන් 6,000 ක් පමණ තවමත් යුක්රේනයේ සිටිති. මෙවන් වපසරියක් තුල චීනය තම හැසිරීම්, වචන භාවිතයෙන් පවා ප්‍රවේසම් වීමට වග බලා ගනිති. ඒ සඳහා හොඳම උදාහරණය ලෙස, පසු ගිය දිනෙක පැවති විදේශ අමාත්‍ය මාධ්‍ය හමුවකදී ප්‍රකාශිකා Hua Chu – ning වෙත එල්ල වූ “යුක්රේන භූමියට එල්ල වූ මිලිටරි ආක්‍රමණය, ආක්‍රමණයක් ලෙස බීජීනය සලකන්නේ දැයි එල්ල වූ ප්‍රශ්නය නැවත නැවතත් මග හැරීමයි. “යුක්රේනයේ සිදු වූ දේ දැකීමට කැමති නැත.” යැයි පවසමින් ය වැඩි දුරටත් කියා සිටියේ සියලු රටවල ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කල යුතු බවයි. මෙලෙස ඇය සිදු කල ප්‍රකාශ මගින් ඔවුන් ඍජුව අදහස් ප්‍රකාශ කිරීමක් සිදු නොකිරීම මගින් පැහැදිලි වන්නේ. චීනය මෙම ආක්‍රමණය පිළිබඳව ශෝකය පල කලද ඊට විරුද්ධව හඬ නොනගන බවයි. මෙම ක්‍රියාමාර්ගය චීන රාජ්‍ය මාධ්‍යන්ද අනුගමනය කර ඇති අතර රුසියාවේ ප්‍රහාර විස්තර කිරීම සඳහා “ආක්‍රමණය” වැනි වචන බොහෝ දුරට මගහරිමින් ඒ වෙනුවට “විශේෂ හමුදා මෙහෙයුමක්” යනාදී යෙදුම් භාවිතා කිරීමට ඔවුහු වග බලා ගනිති. චීන රාජ්‍ය අනුග්‍රහය ලත් බීජිං ප්‍රවෘත්ති වාර්තාකරුවන්ගෙන් ඉල්ලා ඇත්තේ රුසියාව විවේචනය කිරීමෙන් හෝ බටහිර ගැති හඬවල් රැගෙන යාමෙන් වලකින ලෙසයි.

මේ අතර මෙම ගැටුමට මැදිහත් වන ලෙස යුක්රේන ජනපති කුලේබා චීනයෙන් විශේෂ ඉල්ලීමක් කර ඇති බව සඳහන් වේ. චීන විදේශ අමාත්‍යංශය පවසන්නේ මෙම ඉල්ලීම ප්‍රථමයෙන් සිදු කර ඇත්තේ යුක්රේන පාර්ශවයෙන් බවයි. එහිදීත් ඔවුන් තම පක්ෂය ආරක්ෂා කර ගැනීමට විදේශ අමාත්‍යවරුන් දෙදෙනා සාකච්චා කල බවත් සඳහන් වේ.

යුක්රේනය සටන් විරාමයක් සඳහා චීනයේ මැදිහත්වීම අපේක්ෂා කරති. නමුත් චීනය දෙපාර්ශවයම රුසියාවට බහුතරයක් සහය ලබා දීමට කටයුතු කරමින් සිටියි. මේ අතර බටහිර රටවල් යුක්රේනය සමග සහයෝගිතාවය පෙන්නුම් කරමින්, සම්බාධක සහ යුධ ආධාර හරහා රුසියාවට බලපෑම් කරති. කෙසේ වෙතත් චීනය පවසා ඇත්තේ රුසියාවට එරෙහි සම්බාධක වලට තමන් දැඩි ලෙස විරුද්ධ බවයි. මේ අතර ලොව සියලු රටවල් මෙම ආක්‍රමණය පිළිබඳව ප්‍රධාන පුවත ලෙස වාර්තා කරද්දී චීන රාජ්‍ය මාධ්‍ය රුසියාවේ, යුක්රේන ආක්‍රමණය, තම ප්‍රවෘත්ති වල මුල් පිටුවෙන් ඉවත් කළහ. එසේම එම පුවත සඳහා ඉතා සුළු ඉඩක් පමණක් වෙන් කළහ. මෙයින් පැහැදිලි වන්නේ රුසියානු ආක්‍රමණයේ බරපතල බව වසන් කිරීමට චීනය උත්සහ කරකරමින් සිටින බවයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ උග්‍ර වෙමින් පවතින බලශක්ති අර්බුධයට ප්‍රධාන ලෙසම බලපා ඇත්තේ බැර තෙල් අර්බුදයයි. මෙම රුසියා යුක්රේන අර්බුදය හේතුවෙන් බැරතෙල් මිල ඉහල යාම සහ තෙල් හිඟයි. මෙම යුධමය වාතාවරණය හේතුවෙන් රන් මිලද පසු ගිය දින කිහිපය තුල විශාල වශයෙන් ඉහල ගිය අතර මෙම මිල ඉහල යාම තවත් අංශ රැසකටම බලපා ඇත. ඇතැම් විට ඉදිරියේදී චීනය රුසියාවට සහය දැක්වීමත් සමග චීනය වෙතද සම්බාධක එල්ල වීමටද බොහෝ සෙයින් ඉඩ ඇත. මෙයින් වඩාත් දරුණු ප්‍රතිඵල ඇති වන්නේ චීනයේ මිත්‍ර රටවල් වන ශ්‍රී ලංකාව වැනි ඉතා කුඩා රට වලටය.

චීනය මේ වන විට ශ්‍රී ලංකාව තුල බලය විහිදුවා ඇති ආකාරයට ඉදිරියේදී චීන සහය මෙරටට නොලැබුණහොත් හෝ චීනය ශ්‍රී ලංකාව විසින් චීනය පහර හැරියහොත් හෝ ශ්‍රී ලංකාව වැනි විදෙස් ආධාර මත යැපෙමින් සිටින රාජ්‍යකට අත් වන්නේ විශාල පරිහානියකි. එසේම වෙනත් රටවල් විසින් චීනයට මෙන්ම චීනය වෙත සහය දක්වන කුඩා රාජ්‍ය වෙතද සම්බාධක පැනවීමට ඉඩ ඇත. ලංකාවටද චීනය විසින් ගනු ලබන ඕනෑම තීරණයකට එකඟ වීමට සිදු වන්නේ චීනය විසින් ආයෝජනය කර ඇති සියලුම සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවනු ඇති නිසාවෙනි. මන්ද මෙරටින් වැඩි කොටසක් මේ වන විට පවතින්නේ චීන සංවර්ධන ව්‍යාපෘති යටතේය.

නිරන්තරයෙන් රුසියානු ආක්‍රමණයේ බරපතල කම සැඟවීමටත්, එහි ප්‍රබලත්වය බල කර පෙන්වීමටත් චීනය දරන උත්සාහයෙන් චීනය බලාපොරොත්තු වන්නේ රුසියාවට සහය දැක්වීමයි. ඇතැම් විට රුසියාවේ යුධ ශක්තිය තම ඉදිරි සැලසුම් සඳහා භාවිත කිරීමට චීනය අදහස් කර සිටිනවා විය හැක. මෙවන් අවස්ථාවක රුසියාව වැනි රටකට සහය දැක්වීම මගින් චීනයටද අවශ්‍ය ඕනෑම මොහොතක යුධ ආධාර ලබා ගත හැකි වීම එහි ඇති වැසි සහගත තත්වයයි. එනම් තායිවානය අල්ල ගැනීමට නිරන්තරයෙන් මාන බලමින් සිටි චීනයට රුසියානු සහය ඉතාමත් වැදගත් වේ.

ලෝක බලවත බවට පත්වීමේ සටනේදී එක්සත් ජනපදය සමග පවතින තරඟකාරී තත්වය මත, තායිවානයට එක්සත් ජනපදයේ සහය හිමි වන නිසාත් චීනය මෙතෙක් ආක්‍රමණකාරී ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවීය. නමුත් රුසියාවේ යුධ ආධාර සමගින් චීනයට, තායිවානයට එරෙහිව නැගී සිටිය හැක. මේ අයුරුන් චීනය රුසියාව වෙත සහය දක්වන බව ව්‍යංගාර්ථයෙන් වුවද පෙන්වා දෙන්නේ රුසියාවේ යුධමය ශක්තිය පිලිබඳ මන අවබෝධයක් ඇති බව ලෝකයට පෙන්වා දෙමිනි.

මේ අනුව චීනය රුසියාවට සහය දීම ලෝක බලවතුන්ට මෙන්ම ශ්‍රී ලංකාව වැනි කුඩා රට වලට පවා දැඩි ලෙස බලපෑම් එල්ල කල හැකි කරුණකි. ඕනෑම රටකට ඕනෑම මොහොතක මෙවැනි කාරණයක් සිදුවිය හැකියි.රටක පාලකයින් මේ පිළිබඳව අවදානයෙන් සිටීම ජනතාවගේ සුබසිද්ධියට ඉවහල් වෙයි.