කුමන විදිහේ ප්‍රශ්න ආවත් ජනතාවට සහන දෙනවා – මුදල් ඇමති

රටේ එක් ප්‍රශ්ණයක් විසදනවිට තවත් ප්‍රශ්ණයක් පැන නැගෙන බවත් අද වනවිට යුක්රේන් රුසියානු යුද්ධයද බලපා ඇති නමුත් මෙරට ජනතාවට සහන සැලසීමට රජය හැකි සෑම උත්සාහයක්ම දරමින් සිටින බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (11) ගම්පහ දී පැවසීය.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව සඳහන් කළ අමාත්‍යවරයා තව දුරටත් පවසා සිටියේ, ජනතාවට සහන සැලසීම පිනිස ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා , අමාත්‍යවරුන් ඇතුලු රජය කටයුතු කරමින් සිටින බවත් ලෝකයේම ප්‍රශ්ණ පැන නැගී තිබියදීත් කුමන ප්‍රශ්ණ ගැටළු පැවතියද ජනතාවට සහන සැලසීමට කටයුතු කෙරෙන බවත්ය.
ඉදිරියේදී මෙරටට ඩොලර් ලැබෙනු ඇති බවට විපක්ෂය ඇතුලු ආර්ථික විශේෂඥයින් ඉදිරිපත් කරන මතයටද ඇහුම්කන් දෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

