නැවත රාජපක්ෂවරුන් එක්ක කිසම මැතිවරණයකට තරග කරන් නෑ – විමල්ගෙන් සහතිකයක්

නැවත රාජපක්ෂවරුන් එක්ක කිසම මැතිවරණයකට තරග කරන් නෑ – විමල්ගෙන් සහතිකයක්

නැවත රාජපක්ෂවරුන් එක්ක කිසම මැතිවරණයකට තරග කරන් නැති බව හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ රූපවාහිනි වැඩ සටහනකට එක්වෙමින්

ඔහු වැඩි දුරටත් දැක්වූ අදහස්,

ඇත්ත කතාව බැසිල් මේ ගහන මැච් එක ඔහුට ගහලා ඉවර කරන්න පුළුවන් වුනොත් රාජපක්ෂලාගේ මේ රටේ දේශපාලනය ඉවරයි. නාමල්ගෙ හිතේ හීනයක් තියෙනවා නම් ඒක ඉවරයි.

මමත් හිතුවා වලකට වැටීම මොළයට ලාභයක් කියලා හැබැයි කලින් ආන්ඩුවේ රාජපක්ෂලා තුනයි මේකේ පහයි මිනිස්සු හිතන දේවල් එයාලට අදාල නෑ.

මේවා කිව්වා හැබැයි ලේ වල ඝණත්වය වැඩියිනේ ඇහුවේ නෑ. මෙතන තියෙන ඛේදවාචකය තමයි රටේ ආර්ථිකය පණ අදින වෙලාවෙත් ගාන කපනවා. අම්මගේ මිනිය ගෙදර තියන් බූරු ගහනවා වගේ, 20 වෙනි සංශෝධනයට අත ඉස්සීම ගැන පසුතැවීමක් තියෙනවා. මෙතනින් පස්සේ මේ රටේ ප්‍රභූ පවුල් දේශපාලනය ඉවරයි.මට නැවත රාජපක්ෂලා එක්ක කිසිදු දේශපාලන සම්බන්ධයක් නෑ.

දර්ශන :- Newsfirst