රුසියාව ජෛව රසායනික ප්‍රහාරයකට සූදානම් වන බවට ඇමෙරිකාවෙන් චෝදනා

රුසියාව ජෛව රසායනික ප්‍රහාරයකට සූදානම් වන බවට ඇමෙරිකාවෙන් චෝදනා

රුසියාව ජෛව රසායනික ප්‍රහාරයකට සූදානම් වන බවට ඇමෙරිකාව චෝදනා කරනවා.

එම ප්‍රහාරයට අවශ්‍ය වටපිටාව රුසියාව මේ වනවිටත් සකස් කරමින් සිටින බවයි ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. යුක්රේනයට එරෙහි මෙම ම්ලේච්ඡ ප්‍රහාරය පරාජය කළ යුතු බව ධවල මන්දිරය වැඩිදුරටත් පෙන්වා දෙනවා. මේ අතර රුසියා හමුදා කියෙව් අගනුවර වටකර සිටින බව යුක්රේන හමුදා අංශ අනාවරණය කරගෙන තිබෙනවා.

රුසියාවට අයත් දැවැන්ත හමුදා බලඇණි මේ වන විට කියෙව් නගරයට සැතපුම් 15 ක් පමණ ආසන්නයේ රදවා ඇති බවයි ඔවුන් පවසන්නේ. මෙම පිරිස් ඉන්ධන හිඟයකින් පීඩා විදින නමුත් ලිහිසි තෙල් සහ ඉන්ධන ලබා ගැනීම සඳහා බෙලරූස් රාජ්‍යයේ සහාය හිමිව ඇති බවයි පැවසෙන්නේ.

https://yhoo.it/3pR3Gab