ලබන සඳුදා සිට සියලු ළමුන් පාසලට කැඳවන්න උපදෙස්

ලබන සඳුදා සිට සියලු ළමුන් පාසලට කැඳවන්න උපදෙස්

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් 2021 අධ්‍යයන වර්ෂය සඳහා නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ, සිසු සිසුවියන් පාසලට කැඳවීමේ දී ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරගත යුතු බව පෙර දන්වා තිබුණ ද, මෙම මස 14 වැනි දින සිට සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සාමාන්‍ය පරිදි පාසලට කැඳවිය යුතු බවට තීරණය කෙරුණු බවයි.