ෆේස්බුක් ලොක්කා පුටින්ට විරුද්ධ වෙයි – දාන පෝස්ට් වලටත් අවසරයක්

ෆේස්බුක් ලොක්කා පුටින්ට විරුද්ධ වෙයි – දාන පෝස්ට් වලටත් අවසරයක්

යුක්රේන සහ රුසියාව අතර යුද ගැටුම් මේ වන විටත් උත්සන්නව පවතින අතර, මුලු ලෝකයේම අවධානය ඒ වෙතට යොමුව තිබෙනවා.

මේ අතර, ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ ද පුටින් ගැන සඳහන් කරන වෛරී ප්‍රකාශන සඳහා ඉඩකඩ ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

විශේෂයෙන්ම පුටින්ගේ මර‍ණය ඉල්ලා පළ කරනු ලබන ප්‍රකාශන සහ ඡායාරූප සඳහා මෙම විශේෂ අවසරය හිමිවන බවයි, ඩේලිමේල් වාර්තා කරන්නේ.

මෙම තාවකාලික වෙනස, යුක්රේනය, රුසියාව, පෝලන්තය, ලැට්වියාව, ලිතුවේනියාව, ස්ලෝවැකියාව, හංගේරියාව සහ රුමේනියාව යන රටවලට අදාළ වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ෆේස්බුක් ආයතනය ප්‍රකාශ කරන්නේ, යුද සිරකරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය සඳහා වන ඉල්ලිම්වලට ඉඩ ලබා නොදෙන බවයි.

රුසියාව විසින් පසුගිය සතියේ ෆේස්බුක් වෙත තහනම් පැනවූ අතර, මොස්කව් නිලධාරින් මේ වන විටත් ට්විටර් ඇතුළු තාක්ෂණ සමාගම්වලට දැඩි ලෙස පහර දෙමින් සිටිනවා.

https://bit.ly/3vZcj6b