මෙතෙක් ලංකා ඉතිහාසයේ වාර්තා වූ වැඩිම ඉන්ධන මිල වැඩිකිරීම

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) ඉන්ධන මිල ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇත.
ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වේ.
පෙට්‍රල් 92 – රු.77 කින් (නව මිල රු.254)
පෙට්‍රල් 95 – රු.75 කින් (නව මිල රු.283)
ඩීසල් – රු.55 කින් (නව මිල රු.176)
සුපර් ඩීසල් – රු.95 කින් (නව මිල රු.254)
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල පෙරේදා (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ.

