යුක්‍රේනයේ ප්‍රධාන නගර කිහිපයක සයිරන් සංඥා අනතුරු ඇඟවීම්

යුක්‍රේනයේ ප්‍රධාන නගර කිහිපයක සයිරන් සංඥා අනතුරු ඇඟවීම්

යුක්රේන රුසියා යුද ගැටුම් පවතින පසුබිමක යුක්රේනයේ ප්‍රධාන නගර කිහිපයක අද (12) පෙරවරුවේ අනතුරු ඇඟවීමේ සයිරන් සංඥා නිකුත් වී තිබෙනවා.

ඒ අනුව කාර්කිව්, කීව් සහ සුමි යන නගරවල ප්‍රදේශ කිහිපයක එලෙස ගුවන් අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ඒකරාශී වී තිබෙනවා.

චන්ද්‍රිකා ඡායාරූපවලින් ඊයේ තහවුරු කළේ රුසියානු හමුදා කණ්ඩායම් කිහිපයකින් යුක්රේනයේ කීව් අගනුවර වටකර එය අත්පත් කරගැනීමට සූදානම් බවටයි.

අගනුවර රෝහලකට සහ පාසල් රැසකටද රුසියානු ප්‍රහාරවලින් හානි සිදුව ඇති බව සඳහන්.

මේ අතර යුද ගැටුම් ආරම්භ වූ දා සිට යුක්රේනයේ මිලියන 1.5 ක පිරිසක් පෝලන්ත දේශ සීමාවට පලාගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

https://bit.ly/3pYtxga