ලීසිං ගැටළුව යළිත් උඩට – දැන් තියෙන ප්‍රශ්න එක්ක වාරිකය ගෙවා ගන්න අමාරුයි

රටේ පවතින වර්තමාන තත්වය හමුවේ වාහනවල ලීසිං වාරික ගෙවීමට නොහැකි පිරිස් වෙනුවෙන් මේ දක්වා අදාල ආයතන කිසිදු සහනයක් ලබා දි නැතැයි ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය චෝදනාකරයි.
එහි මාධ්‍ය ලේකම් අසංක සුමේද මහතා පැවසුවේ මහ බැංකුවද ඒ සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් නොකරන බවයි.
“මේ වන කොට වාරික නොගෙවා ඉදලා මාර්තු 31 වෙනකොට වාරික ගෙවන්නන් තියෙන සහනය ඉවර වෙනකන් බලන් ඉන්නේ වාහන උස්සන්න ලීසිං ආයතන. ලීසිං හා ණය වාරික ගෙවන සියලුදෙනාම ඉන්නෙ අනතුරෙ. මේ වෙන කොට රටේ තියෙන තත්ත්වය යටතේ තවත් අසරණභාවයට පත්වෙමින් ඉන්නේ ලීසිං සහ ණය වාරික ගෙවන අය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ වගේම සංචාරක ක්ෂේත්රයේ නියැලෙන අය වගේම මේ හැමෝම ගෑස්, පෙට්‍රල්, ඩීසල් ප්‍රශ්න එකතුවෙලා එන්නේ මේ අයට. මේවා එක්ක වාරික ගෙවා ගන්න බැරි තත්ත්වයක් එන්නේ. මේ සියල්ලටම හේතුවන කාරණා සියල්ලම රජය විසින් අනිත් පැත්තෙන් ගොඩගහන ගමන් මේ පැත්තෙන් මූල්‍ය නොවන බැංකු සහ මූල්‍ය නොවන ආයතන වලට හිතු මනාපෙට කටයුතු කරන්න පරිසරය හදාගෙන යනවා.”

