වාහන පාවිච්චි කරන්නේ ධනවත් අය – මොනවා ඉහළ ගියත් ජනතාව ආණ්ඩුවට කැමතියි

වාහන පාවිච්චි කරන්නේ ධනවත් අය – මොනවා ඉහළ ගියත් ජනතාව ආණ්ඩුවට කැමතියි

භාණ්ඩ මිළ කෙතරම් ඉහළ ගියද වත්මන් රජය කෙරෙහි ඇති ජනතා ප්‍රසාදය කිසිදු අඩුවක් නොමැති බව ආණ්ඩුව පවසනවා. රටේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා විසින් 2022 වසරේදී විශාල සංවර්ධනයක් සිදුකිරීම සදහා මේ වනවිට කටයුතු සූදානම් කර තිබෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා අවධාරණය කරන්නේ.

ඊයේ පෙරවරුවේ පොදු ජනපෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා

මෙහිදි ඔහු කියා සිටියේ පුද්ගලික වාහන පාවිච්චි කරන්නේ ධනපතියන් බැවින් මෙලෙස රුපියල පාවිමට ඉඩ හැර ඔවුන්ගෙන් පමනක් මෙම වැයබර ලබා ගත යුතු බවය.ඩීසල් සහ පැට්‍රෝල් වලින් රජයට පාඩු වන බවත් එය මග හැරීමට මෙය සිදු විය යුතුබවත් මෙහිදි ඔහු කියා සිටියා.