එක් දිනක් තුළ 81 දෙනෙකුට මරණ දඬුවම දුන් රට

සෞදි අරාබිය විසින් ඊයේ (12) දිනය තුළ පුද්ගලයන් 81 දෙනෙකුට මරණ දඬුවම පනවා ඇති අතර, එය එක් දිනකදී වැඩිම පිරිසකට මරණ දඬුවම පැනවූ අවස්ථාවක් ලෙසයි සැළකෙන්නේ.
ඒ අතුරෙන් 73 දෙනෙකු සෞදි ජාතිකයන් වන අතර, යේමන ජාතිකයන් හත්දෙනෙකු සහ සිරියානු ජාතිකයෙකු ද ඒ අතර වනවා.
එම විදේශිකයන් සෞදි අරාබිය තුළ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් බවයි සෞදි රජය ප්‍රකාශ කළේ.
එමෙන්ම ඔවුන් අයි.එස්., අල්කයිඩා සහ යේමන හවුති කැරළිකරුවන් ඇතුලු ත්‍රස්ත කණ්ඩායම්වල සාමාජිකයන් ලෙසයි එමඟින් හැඳින්වූයේ.
සෞදි අරාබිය පසුගිය වසර තුළ පුද්ගලයන් 69 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කළ අතර, ඊයේ (12) 81 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර මේ වසරේදී තවත් 11 දෙනෙකුට මරණ දඬුවම ලබා දුන්නා.
මේ අනුව මේ වසර තුළ සෞදි අරාබියේ මරණ දඬුවම පැනවූ සංඛ්‍යාව 92 දක්වා ඉහළ යනවා.

