චීනය යළි ලෝක්ඩවුන්

චීනයේ යළි කොරෝනා ආසාදිතයින් දෙගුණ වීමත් සමග අද (13) සිට එරට ඊසානදිග ප්‍රදේශයේ නගර ගණනාවක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඔමික්‍රෝන් සහ ඩෙල්ටා ප්‍රභේද ආසාදිත පොකුරු පළාත් 18කින් වාර්තා වී ඇති අතර, ෂැංහයි නගරයේ පාසල් වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.
2019 වසරේ චීනයෙන් කොරෝනා වෛරසය පළමු වරට හදුනා ගත් අතර සීග්‍ර අගුළු දැමීම් හා සංචරණ සීමා පැනවීම් හමුවේ ආසාදිතයින් ශූන්‍ය කර ගැනීමට ඔවුන්ට හැකි වුණා.
කෙසේ වෙතත්, ඉහළ සම්ප්‍රේෂණයක් සහිත ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග යළි එරටින් වාර්තා වන දෛනික ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3400 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

