බැසිල්ගේ ඉංග්‍රීසි දැනුම ගැන ගම්මන්පිල කතා කරයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෑතකදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවක දී ‘කපුටාස් හිට් ද ප්ලේන්’ යනුවෙන් සිදු කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අදහස් පල කරයි.
ඔහු පෙන්වා දෙන්නේ මෙය සිනහවිය යුතු තත්වයක් නොව හැඬිය යුතු දෙයක් බවයි.
ගෘහ සේවිකාවන් ලෙස මැද පෙරදිග යන කාන්තාවන්ද බෝට්ටුවෙන් ඉතාලි යන මීගමුවේ තරුණයන් ද ඉතා කෙටි කලකින් එම රටවල භාෂාව ඉතා හොඳින් හසුරැවුණ බව පැවසූ ඔහු සාමාන්‍ය IQ මට්ටමක් ඇති අයට එම හැකියාව තිබෙන බවද පැවසීය.
නමුත් වසර දාහතක් ඇමරිකාවේ ජීවත් වූ බැසිල් රාජපක්ෂ මහතාට ඇමරිකාවේ ප්‍රධාන භාෂාවේ සාමාන්‍ය ව්‍යාකරණ හසුරුවා ගැනීමට නොහැකි වීමෙන් පෙනී යන්නේ ඔහුගේ IQ මට්ටම ඉතා ප්‍රාථමික එකක් බව යයිද හෙතෙම සඳහන් කළේය.
එවන් ඉතා පහල බුද්ධි මට්ටමක් සහිත පුද්ගලයකු මෙවන් අර්බුදකාරී ආර්ථික තත්වයක් කෙසේ තේරුම් ගන්නේ දැයි ඔහු ප්‍රශ්න කළේය.
රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

