මේක ආර්ථික ආපදා තත්ත්වයක් – මේ ගැන නායකයන්ට වගේ වගක් නැහැ

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ගැඹුරුම ආර්ථික කඩා වැටීමට මුහුණ දී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසා සිටියා.
ඔහු මේ බව පවසා සිටියේ රත්නපුර දිස්ත්‍රික් සමුළුව අමතමිනි,
එහිදී ඔහු දැක්වූ අදහස්,
“නිදහස් ශ්‍රී ලංකාවේ මුහුණ දී තිබෙන ගැඹුරුම ආර්ථික කඩා වැටීමට මුහුණ දී තිබෙනවා.සාමාන්‍ය ආර්ථික ප්‍රශ්න අපිට තිබුණා.උදාහරණයක් විදියට ගත්තොත් දෙහි හිඟ කාලෙට දෙහි ගණන් යනවා.දෙහි කඩන කාලෙට දෙහි මිල පහල බහිනවා.” නමුත් මේක එහෙම සාමාන්‍ය ආර්ථික ප්‍රශ්නයක් නෙවෙයි.”
“අද අපි මුහුණ දී තිබෙන්නේ සාමාන්‍යය ආර්ථිකයකට නෙවෙයි. මේක ආර්ථික ආපදා තත්ත්වයක්,මේක තවදුරටත් දරාගෙන ඉන්න බැහැ,මේක කොතනින් කෙලවර වෙයිද කියලා කවුරුත් දන්නෙ නැහැ, අපි හිතන්නේ තාමත් අපේ රටේ ආර්ථිකය යම් ප්‍රමාණයකට ආණ්ඩුවේ පාලිත තත්ත්වයට තියෙනවා.හැබැයි නායකයන්ට මේ ගැන වගේ වගක් නැහැ” යනුවෙන් පැවසීය.

