දුම්රිය අනතුරකින් 75ක් මරුට

දුම්රිය අනතුරකින් 75ක් මරුට

කොංගෝ ජනරජයේ සිදුවූ දුම්රිය අනතුරකින් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 75 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගිනිකොනදිග බයෝෆ්වේ ගම්මානයේ දී දුම්රියක් පීලිපැනීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව සඳහන්.

භාණ්ඩ ප්‍රවාහන සේවාවක් වූ නමුත් සිය ගණනක් පුද්ගලයින් රැගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ.

පුද්ගලයින් 125 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර තුවාල ලැබූවන් අතර දරුවන් හතර දෙනෙකු සිටින බවත් ඔවුන්ගේ දෙමාපියන් එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

https://bit.ly/3tWG30W