ලංකාවේ අසතුටුදායක තත්ත්වය ගැන බ්‍රිතාන්‍යයෙන් තම පුරවැසියන්ට දැනුම් දෙයි

ලංකාවේ අසතුටුදායක තත්ත්වය ගැන බ්‍රිතාන්‍යයෙන් තම පුරවැසියන්ට දැනුම් දෙයි

ශ්‍රී ලංකාවේ සංචාරකයන් සම්බන්ධයෙන් එක්සත් රාජධානිය සිය පුරවැසියන් වෙත නව උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

මෙරට සංචාරකයන් සම්බන්ධයෙන් වන උපදේශනයට සංශෝධනයක් ලෙස එමඟින් දැනුවත් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වාතාවරණය පිළිබඳව යි.

ශ්‍රී ලංකාවේ පිරිහෙමින් පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් ඖෂධ, ඉන්ධන සහ ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයක් ඇතිවිය හැකි බව එමඟින් ප්‍රකාශ කළා.

ආනයනය සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය හිඟවීම එම තත්වයට හේතුව ලෙසයි බ්‍රිතාන්‍ය ය විදේශ ලේකම් කාර්යාලය සඳහන් කළේ.

භාණ්ඩ අලෙවිසැල්, ඉන්ධන පිරවුම්හල් සහ ඖෂධශාලා අසළ දිගු පෝලිම් ඇතිවිය හැකි බවත් එම සංචාරක උපදේශනයේ දක්වා ඇති අතර, දැනට ක්‍රියාත්මක වන විදුලිබල කප්පාදුව පිළිබඳව සඳහන් කර තිබෙනවා.