5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු මෙන්න

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු මෙන්න

පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය- 2021 ප්‍රතිඵල ඊයේ (13) රාත්‍රී නිකුත් කිරීමට විභාගය දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවි වෙත පිවිස නිවැරැදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබා ගත හැකිය. එසේම, ප්‍රතිඵල සටහන බාගත කර මුද්‍රිත පිටපතක් ද ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.

මෙවර ප්‍රතිඵල සකස් කිරීමේදී දිස්ත්‍රික් තරාව (District Tank) හෝ දිවයින් තරාව (Island Rank) නිකුත් නොකිරීමට පියවර ගත් බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

විභාග ප්‍රතිඵල ලේඛන සියලු පාසල්වලට ඉදිරියේදී තැපෑල මඟින් එවීමට සැලසුම් කර ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

එමෙන්ම කිසියම් සිසුවෙකුගේ ලකුණු නැවත පරීක්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය නම් මෙම මස 31 වන දිනට ප්‍රථම ඊට අදාළ අභියාචනා ඉදිරිපත් කළ යුතු වේ.

මේ අතර අවම ලකුණු සීමාව 155 ක් වේ.

කෙසේ වෙතත් දිස්ත්‍රික්ක අනුව එම ලකුණු මට්ටම වෙනස් වන අතර අවම ලකුණු මට්ටමක් මුලතිව් දිස්ත්‍රික්කයේ පවතින අතර එම ගණන 140කි.

දිස්ත්‍රික් අනුව කඩයිම් ලකුණු පහතින් දැක්වේ,