ඩොලරය රු.275ක් වෙයි

ඩොලරය රු.275ක් වෙයි

බලපත්‍රලාභී වාණිජ බැංකු රැසක් අද දිනයේ දී (15) අමරිකානු ඩොලරය ඉතා ඉහළ අගයකට අලෙවි කළා.

ඒ අනුව අද දිනයේ දී ඩොලරයේ අගය දැක්වුණේ රුපියල් 275ක් ලෙසයි.

යුක්‍රේන – රුසියානු යුද අර්බුදය සේම රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ පසුගියදා රුපියලේ අගය පා කිරීමට මහබැංකුව ගත් තීරණය අනුව මෙම තත්ත්වය බලපා තිබෙනවා.

ඒ අනුව අද දිනයේ දී වාණිජ බැංකු කිහිපයක් විසින් ඩොලරයක විකුණුම් මිල දක්වා තිබුණේ පහත ආකාරයටය.

*සම්පත් බැංකුව හා NTB බැංකුව – රු. 275.00

*ලංකා බැංකුව – රු. 270.00

*මහජන බැංකුව – රු. 269.99

*කොමර්ෂල් බැංකුව – රු. 265.00

*සෙලාන් බැංකුව – රු. 265.00

*DFCC – රු. 284.00

ඊයේ දිනයේදී ඩොලරයක විකුණුම් මිල රුපියල් 265ක්ව පැවැතුණි. ඒ අනුව ඊයේ හා අද දිනයේදී ඩොලරයේ අගය රුපියල් 15කින් වර්ධනය වී තිබේ.