තුවාල ලැබූ සෙබළුන් බලන්න ගිය යුක්‍රේන ජනපති (වීඩියෝ)

යුද ගැටුමෙන් තුවාල ලැබූ සෙබළුන් බැලීමට යුක්‍රේන ජනපති සෙලන්ස්කි රෝහලකට ගොස් තිබෙනවා.
යුක්‍රේන ජනපති විවිධ තත්ත්වයේ සිටි සෙබළුන් සමඟ සුහද ලෙස කතා කරන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.එම සෙබළුන්ට රෝහල තුලදීම පදක්කම්ද පිරිනමා තිබු බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියා.
මේ අතර රුසියා යුක්රේන නියෝජිතයින් අතර 4 වන වටයේ සාම සාකච්ඡා ඊයේ පැවැත්වුණා. එහිදී දෙපාර්ශ්වයම යම් එකඟතාවකට පැමිණ ඇති අතර අද දිනයේ ද සාකච්ඡා පැවැත්වෙන බවයි යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.
මේ අතර අර්බුදය සම්බන්ධයෙන් චීනයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් හා ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා අතර විශේෂ හමුවක් ඉතාලියේ දී ඊයේ පැවැත්වුණා.චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නිලධාරියෙකු වන යැං ජිචී හා ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක ජේක් සලවන් අතර විශේෂ සාකච්ඡාවක් ඉතාලියේ රෝමයේ දී පැවැත්වුණා. රුසියාවේ යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය ඇමෙරිකාවට පැහැදිලි කිරීම මෙහිදී සිදුව තිබෙනවා. යුද ගැටුමකින් තොරව සාකච්ඡා මාර්ගයෙන් මෙම අර්බුදය විසඳා ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන් බවයි චීන දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
https://nypost.com/2022/03/13/zelensky-visits-injured-soldiers-in-kyiv-hospital/

