ගීතාට – ඩයනාට රාජ්‍ය අමාත්‍ය ධූර ?

පුරප්පාඩු වූ රාජ්‍ය ඇමැති ධුර දෙකක් සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරියන් දෙදෙනෙකු පත් කිරීමට යන බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ජනප්‍රිය චිත්‍රපට නිළි ගීතා කුමාරසිංහ සහ රජයට එක්වූ සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඩයනා ගමගේ මහත්මීන් මෙසේ රාජ්‍ය ඇමැති ධුර සඳහා පත් කිරීමට යන බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.
පසුගියදා සිදුවූ අමාත්‍ය සංශෝධනයත් රාජ්‍ය ඇමැතිවරුන් කීප දෙනෙකුගේ ඉල්ලා අස්වීමත් නිසා අමාත්‍ය ධුර කීපයක් පුරප්පාඩුව පවතී. මේ සම්බන්ධයෙන් දිනපතා පලවෙන පුවත් පතකට අදහස් දක්වමින් ගීතා කුමාරසිංහ මහත්මිය කියා සිටියේ රාජ්‍ය ඇමැති ධුරයක් තමන්ට පිරිනැමීමට යන බවට නොයෙකුත් කට කතා පවතින බවයි.
රාජ්‍ය ඇමැති ධුරයක් සම්බන්ධයෙන් තමන්ට තවමත් ආරාධනයක් හෝ දැනුවත් කිරීමක් කර නොමැති බවද කුමාරසිංහ මහත්මිය කියා සිටියාය. එවැනි අමාත්‍ය ධුරයක් පිරිනැමුවොත් එය භාර ගැනීමට සූදානම් බවද ඇය එම පුවත් පතට පවසා ඇත.

