පුටින්ට අභියෝග කරන ලෝක තාක්ෂණික දැවැන්තයා

පුටින්ට අභියෝග කරන ලෝක තාක්ෂණික දැවැන්තයා

රුසියාව අඛණ්ඩව 19 වන දිනටත් යුක්රේනයට ප්‍රහාර එල්ල කරනවා. යුක්රේනයට එරෙහි රුසියාවේ ප්‍රහාරය දිනෙන් දින උත්සන්න වෙමින් පවතිනවා. යුක්රේනය වටකරගෙන සිටින රුසියාව දැන් කියෙව් අගනුවරට ළඟා වෙමින් තිබෙනවා. යුක්රේනය රුසියානු ආක්‍රමණය අතරතුර, කියෙව්හි තදාසන්න ප්‍රදේශවල සටන් උත්සන්න වුණා.

මේ අතර මුළු ලෝකයේම අවධානය මේ වන විට එලෝන් මස්ක්ගේ ට්විටර් ගිනුම වෙත හිමිව තිබෙනවා.

ඒ ඔහු විසින් රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් හට විවෘත අභියෝගයක් කිරීමත් සමඟයි.

තාක්ෂණික දැවැන්තයෙකු මෙන්ම ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන එලෝන් මස්ක්, රුසියානු ජනාධිපතිවරයාට තනි සටනකට ආරාධනා කර තිබෙනවා.

මස්ක් පවසන්නේ ජයග්‍රාහකයා විසින් යුක්‍රේනයේ ඉරණම තීන්දු කරනු ඇති බවයි.

ඔහුගේ මෙම අභියෝගය යුක්‍රේනයේ ද අවධානය හිමිව ඇති අතර යුක්‍රේන අගනුවර වන කිව් හී නගරාධිපතිවරයා වන විටාලි ක්ලිට්ස්කෝ විසින් ද එයට ප්‍රතිචාර දක්වා තිබුණා.

විටාලි ද හිටපු බොක්සිං ශූරයෙකු බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම අභියෝගය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා විසින් ප්‍රතිචාරයක් දක්වා නැහැ.

එලෝන් මස්ක් යුක්‍රේනය තුළ රුසියාව සිදුකරන යුධ කටයුතුවලට දැඩි ලෙස විරුද්ධ වූ අයෙකු වන අතර යුක්‍රේනය හදිසි භාවිතය සඳහා සිය ස්ටාර්ලින්ක් අන්තර්ජාල පහසුකම ද ලබාදෙනු ලැබුවා.

එ‍ලෝන් මස්ක් සිය ට්විටර් ගිනුමේ රුසියානු ජනාධිපතිවරයාට අභියෝග කරමින් තැබූ සටහන පහතින්,

https://bit.ly/3JcES3T