ඉන්ධන බවුසර් හිමියන් අඩියක් පස්සට ගයි

ඉන්ධන බවුසර් හිමියන් අඩියක් පස්සට ගයි

ඛනිජ තෙල් ප්‍රවාහන පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

60% ක ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමක් ඉල්ලමින් ඔවුන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලිපියක් යොමු කර තිබූ අතර ඛණිජ තෙල් සංස්ථාව 17%ක ගාස්තු වැඩි කිරීමක් සඳහා පමණක් එකඟව තිබුණා.

ඊට එකඟ නොවූ ටැංකි රථ හිමියන්ගේ සංගමය ඊයේ (15) රාත්‍රියේ සිට සේවා සැපයීමෙන් ඉවත් වූ අතර බලශක්ති අමාත්‍යවරයා අද පැවැති සාකච්ඡාවේදී ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට එකඟවී තිබෙනවා.