බෙහෙත් නැතුව සිදුවන සෑම මරණයකටම බැසිල් වගකියන්න ඕනේ

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඖෂධ ගෙන්වීම අභියෝගයකට ලක්ව ඇති බවත්, ඒ අනුව ඖෂධ නොමැති වීමෙන් සිදුවන සෑම මරණයකම වගකීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා භාර ගත යුතු බවත් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.
අද (16) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
එමෙන්ම වැස්සට තෙමෙමින් අපේ රටේ බහුතර ජනතාව අද ඩීසල් පෝලිම් වල, ගෑස් පෝලිම් වල, දුක් විදිනවා මෙසේ ජනතාවට දුක් විදින්න සිදුවුයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ වරදින් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.
ඒ හේතුවෙන් එහි වගකීම මුදල් අමාත්‍යවරයා භාර ගත යුතු බවයි හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.
භාණ්ඩ ආනයන සඳහා ඩොලර් බිලියන 20.6ක් වැය කර ඇති බවත් ,ඒ අතරින් ඩොලර් බිලියන 6කට ආසන්න ප්‍රමාණයක් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩවලට වැය කර ඇති බවත් ඔහු සඳහන් කරනවා.
අමාත්‍යවරයා පවසන්නේ ඔවුන් පෙර ප්‍රකාශ කළ ආකාරයට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කළා නම් මෙම අර්බුදයට මුහුණ දිය හැකි බවයි වැඩිදුරටත් පවසා සිටියේ.

