ඉන්ධන ගැන බලශක්ති ඇමති කිව්ව දේ

කොළඹ පිහිටි සෑම ඉන්ධනහලකටම අවශ්‍ය ඩීසල් සහ පෙට්‍රල් බසුසරය බැගින් යවා ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා
ප්රශ්නය – ඉන්ධන තියෙනවා කියලා කිව්වට දිගින් දිගටම පෝලිම් තියෙනවනේ ?
අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා – “පෝලිම් තියෙනවා කියන්නේ බෙදාහැරීමේ දුර්වලකම් තිබුණා පෙරේදා ඉඳලා. ඉතින් අද උදේ ඔක්කොම බවුසර් පටන් අරන් තියෙනවා. දවල් වෙනකොට කොළඹ තියෙන හැම ෂෙඩ් එකටම ඩීසල් ලෝඩ් එකකුයි, පෙට්‍රල් ලෝඩ් එකකුයි යවන්න කියලා තියෙනවා. දැනටත් හතර පහකට ඇවිල්ලා ඇති.”
ප්රශ්නය – ඩීසල් නැවක් තියෙනවානේද ඩීසල් බාන්න සල්ලි නැතුව ?
අමාත්‍ය ගාමිණි ලොකුගේ – “ඔව්.ඔව්. සල්ලි නැතුව නෙවෙයි ඒක හෙට බානවා.”
ප්රශ්නය – එතකොට හෙට බාන්න අදත් ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙලා තියෙනවා නේද ඒකට ?
අමාත්‍ය ගාමිණි ලොකුගේ – “නැහැ ඒකට ප්‍රමාද ගාස්තු නැහැ. දැන් වෙලා තියෙන්නේ ඒ නැව අල්ලන්න බැරි පෙට්‍රල් එකකුයි, දැවිතෙල් එකකුයි බානවා දැන් කොළොන්නාවට.”
ප්රශ්නය – ඒකට ගෙවන්න තියෙන ගාන කීයද ඇමතිතුමා ?
අමාත්‍ය ගාමිණි ලොකුගේ – “ඩොලර් මිලියන 52ක්ද කොහෙද ගෙවන්න තියෙනවා.”
ප්රශ්නය – හැබැයි ඒ වුණාට වෙනදට වඩා ෂෙඩ් වහලනේ ?
අමාත්‍ය ගාමිණි ලොකුගේ – “ආහ්… ඒ තමයි තෙල් නොආපු ෂෙඩ් වහලා ඇති. හැමතැනම ගිහිල්ලා බලන්න කාර්වලට වැඩිය බැරල්නේ තියෙන්නේ.”
ප්රශ්නය – දැන් ඇමතිතුමා ඩීසල් පෝලිම්වලට අමතරව පෙට්‍රල් පෝලිමුත් තියෙනවනේ ?
අමාත්‍ය ගාමිණි ලොකුගේ – “අර ඒ පෙට්‍රල් පොලිමේ පෙට්‍රල් අඩුවක් තිබුණනේ පහුගිය දවස්වල. අද පෙට්‍රල් බෙදනවා.”

