එක්දින ක්රිකට් පිටියේ ලෝක ශූරයන් වී අදට වසර 26යි

ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම එක්දින ක්රිකට් පිටියේ ලෝක ශූරයන් බවට පත්වී අද (17 ) වසර විසිහයක් සපිරේ.
අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම පකිස්ථානයේ ලාහෝර් හි ගඩාෆි ක්රීඩාංගනයේ දී ප්රබල ඔස්ටේ්රලියාව පරාජය කරමින් එම ජයග්රහණය ලබා ගත්තේ ය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ටේ්රලියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලබාගත් ලකුණු 241 ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 46 යි පන්දු දෙකක් තුළදී කඩුලූ 3ක් දැවී ඉක්මවා යාමත් සමග
ශ්රී ලාංකිකයන් ප්රමුඛ ආසියානුවෝ ඔල්වරසන් දුන්හ.
එම අවසන් මහ තරගයේ නොදැවී ශතකයක් ලබාගෙන තරගයේ වීරයා බවට පත් වූයේ උප නායක අරවින්ද ද සිල්වායි.









