යුද්ධය අස්සේ රුසියානු ගගනගාමීන් උඩු ගුවනට

යුක්රේනයේ යුද උණුසුම උත්සන්නවද්දී රුසියානු ගගනගාමීන් තුන්දෙනෙකු රැගත් සෝයුස් යානයක් ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානය බලා ඊයේ නික්මුණා.
රුසියානුවන් පමණක් සහභාගිවන උඩු ගුවන් චාරිකාවක් මෙලෙස ක්‍රියාත්මක වී ඇත්තේ වසර ගණනාවකට පසුවයි.
ඔවුන් දැනටමත් ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානයේ සිටින රුසියානුවන් දෙදෙනෙකු, ඇමරිකානුවන් හතරදෙනෙකු සහ ජර්මානු ජාතිකයෙකු ඇතුළත් කණ්ඩායම විසින් පිළිගැනීමට නියමිතයි.
මේ අතර අඟහරු ගවේෂණය සඳහා රුසියාව සමඟ සහයෝගීතාව යුරෝපා සංගමය විසින් අවසන් කිරීමෙන් පසු රුසියාව තමන්ගේම අඟහරු ගවේෂණ වැඩසටහනක් දියත් කිරීමට සැරසෙනවා.
රුසියාව සහ යුරෝපය අතර ඒකාබද්ධ ව්‍යාපෘතිය යටතේ යුරෝපයේ නිෂ්පාදිත රෝවර් යානයක් රුසියානු රොකට්ටුවක් මගින් අඟහරු ග්‍රහයා වෙත ප්‍රවාහනය කිරීමට නියමිතව තිබුණා.

