වාසු, විමල්, උදය සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරයි

වාසු, විමල්, උදය සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරයි

අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ලබන 23 වනදා පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ ඉල්ලීමක් අනුව, මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවනු ලැබුවේ ජනාධිපතිවරයා විසින්.

කෙසේ වෙතත්, එම සමුළුවට අමාත්‍ය වාසුදේව නානායක්කාර හා හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ හා උදය ගම්මන්පිලගේ පක්ෂ වල යෝජනා සහ නිර්දේශ පක්ෂ 11 නියෝජනය කරන නියෝජිතයන් හරහා ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.