හෙට ජනාධිපතිතුමා ගියත්, ජනාධිපතිවරණයකට යන්න බැහැ – මහින්ද අමරවීර

හෙට ජනාධිපතිතුමා ගියත් ජනාධිපතිවරණයකට යන්න බැහැ. කළ හැක්කේ පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයෙකු පත් කිරීම පමණක් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල යටතේ වුවද කිසිදු අවස්ථාවක ආණ්ඩුව විසුරුවා හැරීමට තමන්ට බලයක් නොමැති බවද ඔහු කියා සිටියා. ඒ නිසා බල පෙරළියක් ඉල්ලා කෑගැසීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බවද අමාත්‍යවරයා පැවසීය.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසු මැතිවරණයක් පවත්වා ජනාධිපතිවරයකු පත් කළේ නැත. ඒ වෙනුවට, පසුව ජනාධිපතිවරයා ලෙස පත් වූ ඩී.බී. විජේතුංගට පක්ෂව පාර්ලිමේන්තුව ඡන්දය ප්‍රකාශ කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බලය ගන්න කාලයක් තියෙනවා. නැති ආණ්ඩුවක් ප්‍රතිස්ථාපනය කර අලුත් පාලනයක් ගෙන ඒම ප්‍රායෝගික නොවන බවද ඔහු පැවසීය.

