සැමෝවා දේශයේ පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වෙයි

පැසිෆික් දූපත් රාජ්‍යයක් වන සැමෝවා හි පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වීමත් සමඟ රට අඟුළු දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ගුවනින් සහ මුහුදෙන් සිදුකෙරෙන සියලු ජාත්‍යන්තර සංචාර අත්හිටුවීමට සැමෝවා රජය හදිසි නියෝගයක් නිකුත්කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
මේ අතර කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ අගයක් ගත්ත ද ජර්මනිය කොවිඩ් සීමා ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.
ප්‍රාන්ත 16 බලධාරීන් සමඟ සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව මෙම සීමාවන් ලිහිල්කර තිබෙනවා.

