ගෑස් ඉල්ලා ජනතාව පාරට බහී

ගෑස් ඉල්ලා ජනතාව පාරට බහී

ගෑස් ලබාදෙන්න ඉල්ලමින් ගාල්ල වතුගෙදර ප්‍රදේශවාසීහු අද (19) අම්බලන්ගොඩ – ඇල්පිටිය ප්‍රධාන මාර්ගය කන්දෙගොඩ ප්‍රදේශයේන් අවහිර කරමින් මාර්ගය වසා උද්ඝෝෂණයක් ඇරැඹුහ.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය මුළුමනින්ම අඩාල වී තිබේ.

වසා දැමුණු මාර්ගය විවෘත කරගැනීම සඳහා අම්බලන්ගොඩ පොලීසිය උත්සාහ කළ අවස්ථාවේදී උද්ඝෝෂකයින් හා පොලීසිය අතර දැඩි නොසන්සුන්තාවයක්ද හටගෙන තිබුණා

කන්දේගොඩ ක්‍රීඩාංගණයට අද ගෑස් ලොරියක් පැමිණෙනබවට ලැබුණු තොරතුරක් මත අලුයම 02 පමණ සිට ප්‍රදේශවාසින් පෝලිම්වල සිට ඇති නමුත් පවුස ගෑස් ලොරිය නොපැමිණෙන බවට සැලවී තිබේ. එහිදී කලබලකාරී තත්වයක් ඇතිව තිබු බව පොලීසිය කියයි.

මේ අතර ගෑස් බෙදා හැරීමේදී නිසි ක්‍රමවේදයක් අනුව සිදු නොකරන බව මෙරට මාධ්‍ය වාර්තා කර තිබුණ බව අපට දැකගන්න ලැබුණා.