සාගරය ජයගත් ආබාධිත දැරිය

ඔටිසම් රෝගයෙන් පෙළෙන දැරියක් ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ තමිල්නාඩුව දක්වා පිහිනා වාර්තාවක් තබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ජියා රායි නම් මෙම දැරියට තලෙයිමන්නාරමේ සිට දනුෂ්කෝඩි දක්වා පිහිනීමට පැය 13 ක් ගතවී ඇති අතර ඇයට ඉන්දියාවේ අවුරුදු 18ට අඩු අයෙක්ට ලබා දෙන ඉහළම සම්මානය ලබා දී තිබෙනවා.





