බලශක්ති ඇමතිගේ රියැදුරු ඝාතනය කරයි

බලශක්ති ඇමතිගේ රියැදුරු ඝාතනය කරයි

බලශක්ති අමාත්‍යය ගාමිණි ලොකුගේ මහතාගේ රියදුරු තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කර තිබේ.

කැස්බෑව පොලීසිය පැවසුවේ එම රියදුරුගේ පිළියන්දල මාවිත්තර පිහිටි නිවස ඉදිරිපිටදී ඊයේ රාත්‍රී 8.00ට පමණ පැමිණි යතුරුපැදිකරුවකු විසින් තියුණු ආයුධයකින් ඇණ ඇති බවයි.

බරපතල තුවාල ලැබු ඇමතිවරයාගේ රියදුරා පිළියන්දල රෝහලට ඇතුලත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව පොලිසිය සදහන් කරයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පිළියන්දල පදිංචි වයස අවුරුදු 41ක් වූ ඈපාසිංහගේ කනිෂ්ක (41) නැමැත්තෙකු බව පොලීසිය පැවසීය.

මොහුගේ නිවස ඉදිරිපිටින් අධික ශබ්දයක් පිටකරමින් යතුරු පැදියක් කිහිප වතාවක් ධාවනය කිරීම සම්බන්ධයෙන් ඇතිවූ කතාබහකින් පසුව ඔහුට පිහියකින් ඇණ පළාගොස් ඇතැයි පොලීසිය වැඩිදුරටත් සදහන් කරයි.