ජනතාව මුහුණ දෙන අවාසනාවන්ත තත්ත්වයට හේතුව “විජයදාස” පහාදයි

ජනතාව මුහුණ දෙන අවාසනාවන්ත තත්ත්වයට හේතුව “විජයදාස” පහාදයි

මෙරට ජනතාව මේ වනවිට මුහුණ දෙන අවාසනාවන්ත අත්දැකීම්වලට හේතු වී ඇත්තේ කෝවිඩ් වසංගතය හෝ ලෝක වෙළඳපලේ මිල උද්ධමනය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

එය පසුගිය දශක කිහිපය තුළ මෙරට පවත්වා ගෙන ගිය දූෂිත, අකර්මණ්‍ය සහ ආත්මාර්ථකාමී දේශපාලන ක්‍රියාවලිය සහ පවුල්වාදය නිසා ඇතිවූ එකක් බවයි ඔහු සඳහන් කරන්නේ.

2019 ජනාධිපතිවරණයේ දී ජනතාව පොහොට්ටුව ප්‍රමුඛ සංධානය වෙත අසීමිත බලාපොරොත්තු ඇතිව ඡන්දය ලබා දුන්නේ උගතුන්, වියතුන්, වෘත්තිකයන් සහ බුද්ධිමතුන් ප්‍රමුඛ කොටගත් ආණ්ඩුවක් පිහිටුවා දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා වුවද ජනතා මතය තඹ දොයිතුවකට ගණන් ගෙන නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා චෝදනා කරනවා.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඉදිරිපත් කළ පුද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳව කරුණු පැහැදිලි කිරිම සඳහා පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියා.