සර්ව පාක්ෂික සමුළුවේදී රනිල් විජය රජු මතක් කරයි

සර්ව පාක්ෂික සමුළුවේදී රනිල් විජය රජු මතක් කරයි

තමා සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වූයේ පටු , පක්ෂ දේශපාලනයට නොවන බවත් , රටේ පවතින උග්‍ර ගැටලුවලට විසඳුමක් සොයා ගැනීමට පමණක් බවත් එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අද (23) උදෑසන පැවති සර්ව පාක්ෂික සමුළුවේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු රනිල් වික්‍රමසිංහ මහතා,

“මම එක කරුණක් පැහැදිලි කරන්නම්. මේ සම්මේලනය පවත්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම උඩ ඔබතුමා කැඳවලා තියෙනවා. මට විශේෂයෙන්ම නිමල් සිරිපාල ඇමතිතුමා මුණගැහිලා කිව්වා සමුළුවට එන්න කියලා, පරණ යාළුකමටවත් එන්න කියලා. මම හිතුවා මේක වැදගත් කියලා. අපි මෙතෙන්ට ආවේ මේ රටේ තියෙන උග්‍ර ප්‍රශ්නය නිසා. මෙතෙනදී අපි ආවේ නැහැ. ආපහු පක්ෂ දේශපාලනයට කවුද වගකියන්නේ ද කියන ඒවා කරන්න. අර පටු දේශපාලනයට මහ බැංකු අධිපතිතුමා කිව්ව හැටියට ආවේ නැහැ. ඒත් මම කණගාටු වෙනවා, එතුමා පටන්ගත්තේම ගිය ආණ්ඩුවේ වැරැද්දක් කියලා. මම ඒකට පිළිතුර දුන්නොත් එතකොට මොකද්ද වෙන්නේ. ඊළඟටත් පිළිතුරු දෙනවාද ? අන්තිමට ඉවර වෙන්නේ විජය රජ්ජුරුවෝනේ. එයා ලංකාවට ආවේ නැත්නම් මේ ප්‍රශ්නය තියෙන්නේ නැහැ කියයි. ඕකයි වෙන්නේ. මොනවටද අපි එතෙනට යන්නේ. මම මේ ගැන කියන්නේ එක කාරණයක් විතරයි.