රුසියානු යුද යාත්‍රාවක් පුපුරුවයි

රුසියානු යුද යාත්‍රාවක් පුපුරුවයි

රුසියානු යුද යාත්‍රාවක් විනාශ කළ බව යුක්‍රේන නාවික හමුදාව සදහන් කරයි. එය සැපයුම් සදහා යොදා ගන්නා ප්‍රවාහන යාත්‍රාවක් බව වාර්තා වේ.

යුක්‍රේනයේ, රුසියාව විසින් අත්පත් කර ගනු ලැබූ ‘බර්ජ්යෑන්ක්ස්‘ වරායේ නැංගූරම්ලා තිබූ මෙම යාත්‍රාවට පහර දී විනාශ කළ බව යුක්‍රේන හමුදාව ප්‍රකාශ කර ඇත.

එහි ඇති වූ ගින්න විනාඩි 10 ක කාලයක් තුළ විශාල ගින්නක් දක්වා ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරයෙන් තවත් රුසියානු ප්‍රහාරක යාත්‍රා දෙකකට හානි සිදුව තිබේ.

https://bbc.in/3iAMJg0