උණුසුම් කාලගුණය නිසා දරුවන්ට ඇති වෙන්න පුළුවන් රෝග

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් කුඩා දරුවන්ට ඇගපත වේදනාව , හිසරදය , මහන්සිය,වැනි ලක්ෂණ වැඩිවශයෙන් පවතින බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
ඒ පිළිබඳ බියක් ඇතිකර නොගත යුතු අතර විජලනය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වන බවයි , ඒ මහතා සඳහන් කළේ.
ඒ හේතුවෙන් දරුවන්ට ජලය වැඩි වශයෙන් පානය කිරීමට ලබාදිය යුතු බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

