අසීරු කාලයක වුනත් ජනතා වරප්‍රසාද අඩු කිරිමට කිසිම සූදානමක් නැහැ

අසීරු කාලයක වුනත් ජනතා වරප්‍රසාද අඩු කිරිමට කිසිම සූදානමක් නැහැ

ජනතාවට සහනදීමට ආණ්ඩුව බැදීසිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විවේචනය පහසු වුවත් ජනතාව වෙනුවෙන් වගකීම ඉටුකිරිම ඇතැම් දේශපාලනඥයන්ට අපහසු බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදි කියාසිටියේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාර මහතාගේ 20 වසරක දේශපාලන දිවිය වෙනුවෙන් සහෘද උපහාර පිරිනැමීමේ උත්සවයක් ඊයේ (26) පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. රජයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

අසීරු කාලයක වුව ජනතා වරප්‍රසාද අඩු කිරිමට කිසිසේත් සූදානම් නොමැති බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ.