නාමල්ගෙන් නිදහස් පක්ෂයට අභියෝගයක් – ” පුළුවන්නම් කරන්න මාත් කරන්නම්”

නාමල්ගෙන් නිදහස් පක්ෂයට අභියෝගයක් – ” පුළුවන්නම් කරන්න මාත් කරන්නම්”

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළ ආකාරයට අමාත්‍ය මණ්ඩලය අඩු කිරීමට ආදර්ශයක් සැපයීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින අයට අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් විය හැකි බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

ඔවුන් එසේ ආදර්ශයක් ලබාදෙන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ආදර්ශයක් ලබාදීමට තමන් අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවද ඔහු පැවැසීය.

“මෛත්‍රීපාල සිරිසේන අතිගරු ජනාධිපතිතුමා යෝජනා කළා ඇමතිමණ්ඩලය අඩු කරන්න කියලා. ඇමති මණ්ඩලය අඩු කරන්න ඕන නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන් ආදර්ශයක් වෙලා තමන්ගේ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න අය ඉල්ලා අස්වෙලා මේක අඩු කරන තැනට ගෙනියන්න. එහෙම වුණොත් මමත් ලෑස්තියි ඉල්ලා අස්වෙන්න. මට ප්‍රශ්නයක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන් ආදර්ශය වෙන්න. අපේ පොහොට්ටුවෙන් මම ආදර්ශය දෙන්නම් එයාලා එනවනම්”