ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාව යාචක රටක් බවට පත්වෙලා

ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාව යාචක රටක් බවට පත්වෙලා

රටට සෞභාග්‍යය උදා කිරීමට පොරොන්දු වී බලයට පත් වූ වත්මන් පාලකයන්, ශ්‍රී ලකාව ලෝකය ඉදිරියේ යාචක රටක් බවට පත්කර ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසනවා.

ඔහු මේ බව පැවසුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ හමුවක් අමතමිනි.

කිරිපිටි ආනයනය සඳහා ඔස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 200 ක් හිඟා කෑ ආණ්ඩුව චීනයෙන් තවත් ඩොලර් බිලියනයක් ඉල්ලා ඇති බවත් මේ වනවිට දරුණු යුද්ධයකට පැටලී සිටින රුසියාවෙන්ද ණය ලබා ගැනීමට තරම් රට බංකොලොත් වී ඇති බවද ඔහු තවදුරටත් සඳහන් කරනවා.

මෙම ණය ලබා ගැනීම හරහා විවිධ කොන්දේසිවලට යටත්වීමට සිදුවන බවත්, ඒ හරහා රටේ සම්පත් විදෙස් රටවලට විකුණා දැමීමට සිදුවන බවත් අනුර කුමාර පෙන්වා දෙනවා. අනාගත පරපුරට ඉතිරි වන්නේ වරායේ අයිතිය නොමැති, ජල අයිතිය නොමැති, විදුලි බලාගාරවල අයිතිය නොමැති, කඳුකරයේ වටිනා වනාන්තර අයිති නැති රටක් වන බවද ඔහු එහිදී වැඩිදුරටත් පවසා සිටියා.