භානුක IPL පිටියේ වැඩ පෙන්වයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම හා පන්ජාබ් කිංස් කණ්ඩායම අතර තරඟයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට පන්ජාබ් කිංස් කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනූ පන්ජාබ් කිංස් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 2ක් දැවී ලකුණු 205 ක් ලබාගත්තා.
රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් විරාත් කෝලි ලකුණු 42 ක් හා දිනේෂ් කාර්තික් ලකුණු 32 ක් ලබා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කණ්ඩායම පන්දුවාර 19 වන පන්දුවාරයේදී කඩුලු 5 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කර යාමට සමත් වුණා.
එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ පන්දු 22 කදී ලකුණු 43 ක් ලබාගත්තේ දැවැන්ත හයේ පහර 04 ක් ද සමඟින්. පංජාබ් පිල වෙනුවෙන් ෂිකර් ධවාන් පන්දු 29 කදී ලකුණු 43 ක් ලබා ගැනීමට සමත් වුණා.
රෝයල් චැලෙන්ජර්ස් පිළ නියෝජනය කළ වනිඳු හසරංග සිය පන්දු ඕවර හතර තුළදී ලකුණු 40 කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත්වුණා.

