ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා නිවේදකයාගේ කනට ගහයි

ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා නිවේදකයාගේ කනට ගහයි

විල් ස්මිත් ඔස්කාර් සම්මාන උළෙලේ වේදිකාවේදී එහි සිටි නිවේදකයාගේ පහර දී තිබෙනවා

ඔහු ක්‍රිස් රොක්ට පහර දුන්නේ ඔහුගේ බිරිඳ වන ජඩා පින්කට් ස්මිත් ගැන විහිළුවක් කිරීමෙන් පසුව බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ස්මිත් වේදිකාවට ගොස් රොක්ට පහර දීමෙන් පසු ඔහුගේ අසුන වෙත ආපසු ගොස් කෑ ගසා තිබෙන්නේ “මගේ බිරිඳගේ නම ඔබේ කටින් නැවතත් කියන්න එපා ” යනුවෙනුයි

ස්මිත් හොඳම නළුවා සම්මානය දිනා ගැනීමෙන් පසුව කඳුළු සලමින් සමාව අයැද සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

“මට ඔස්කාර් සම්මාන ඇකඩමියෙන් සමාව ගැනීමට අවශ්‍යයි. මගේ සියලු නාමයෝජනා කරුවන්ගෙන් මට සමාව ගැනීමට අවශ්‍යයි” යනුවෙන් ඔහු පවසා තිබෙනවා

විල් ස්මිත් ටෙනිස් පුරාවෘත්තයන් වන වීනස් සහ සෙරීනා විලියම්ස්ගේ පියා ලෙස රිචඩ් කිං හි රඟපෑම වෙනුවෙන් ඔහුගේ වෘත්තීය ජීවිතයේ පළමු ඔස්කාර් සම්මානය දිනා ගනු ලැබුවා

රොක් සිද්ධියෙන් පසුව ,ප්‍රේක්ෂකයන්ට පැවසුවේ: “එය රූපවාහිනී ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම රාත්‍රිය” බවයි

ඔහුගේ විහිළුව 1997 GI Jane චිත්‍රපටය ගැන සඳහන් වූ බවයි සඳහන් වන්නේ