මුදල් අමාත්‍යංශය මහින්දට භාර දෙන්න – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්

මුදල් අමාත්‍යංශය මහින්දට භාර දෙන්න – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්

ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ජනතාව ලබාදුන් බලය අද වෙනත් පුද්ගලයෙකු විසින් පාවිච්චි කරන බව කොළඹ ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

ඒ හේතුවෙන් ජනතා අප්‍රසාදය වැඩිවී ඇති බවත් ජනතාව ආණ්ඩුව පත්කළේ පෝලිම්වල හෝ අඳුරේ සිටීමට නොවන බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

ඒ අනුව බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාට වෙනත් සංවර්ධන කටයුත්තක් භාරදී මුදල් අමාත්‍යංශයේ වැඩකටයුතු අගමැතිවරයාට භාරදිය යුතු බවයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළේ.

මාධ්‍ය හමුවක් පවත්වමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව ප්‍රකාශ කළා.