ඉම්රාන්ට බහුතරය නැතිවෙයි

ඉම්රාන්ට බහුතරය නැතිවෙයි

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ජාතික සභාවේ බහුතරය අහිමි වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්ථාන මාධ්‍ය වාර්තා කළේ ඉම්රාන් ඛාන්ගේ Tehreek-e-Insaf පක්ෂයට සහාය දුන් Muttahida Qaumi Movement Pakistan කණ්ඩායම විපක්ෂයේ ප්‍රධාන පක්ෂය සමග එක්ව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම ඊට හේතුවී ඇති බවයි.

අදාළ විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම ලබන මස 3 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.

Muttahida Qaumi Movement Pakistan කණ්ඩායම විපක්ෂයේ ප්‍රධාන පක්ෂය සමග එක්වීමත් සමග පාකිස්ථානයේ ඒකාබද්ධ විපක්ෂයට මේ වන විට පාර්ලිමේන්තුවේ ආසන 177ක් හිමිව ඇත.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ Tehreek-e-Insaf පක්ෂයට ඉතිරිව ඇත්තේ ආසන 164ක් පමණීයි.

https://bit.ly/3DwbEv2