ඖෂධ ලබා ගැනීමට ලෝක බැංකුවේ සහය ඉල්ලයි

ඖෂධ අඛණ්ඩව ලබා ගැනීම සඳහා ලෝක බැංකුවේ සහය ලබා දෙන ලෙස ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය ලෝක බැංකුවෙන් ඉල්ලීමක් කර තිබේ.
රටේ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීම අරමුණු කරගනිමින් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා විසින් මෙම ඉල්ලීම කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පවසයි.
ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය පිළිබඳ අධ්යක්ෂ ලිනේ ෂර්බන් බෙන්ස් (Lynne Sherburne Benz) මහත්මිය ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායමක් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ දී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මුණගැසුණු අවස්ථාවේදී මෙම ඉල්ලීම සිදුකර ඇත.
ඒ සම්බන්ධයෙන් ඉහළම ප්‍රමුඛතාවයෙන් කටයුතු කර, ඖෂධ ලබා දීමට අවශ්‍ය කටයුතු කඩිනමින් යොදන බව බෙන්ස් මහත්මිය එහිදී ප්‍රකාශ කර තිබේ.

