පීඩනය දරා ගන්න බැරිව ඉංජිනේරු සිසුවෙක් දිවි නසාගනී

පීඩනය දරා ගන්න බැරිව ඉංජිනේරු සිසුවෙක් දිවි නසාගනී

පීඩනය දරා ගත නොහැකි බව පවසමින් ලිපියක් ලියා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවෙකු ගෙල වැළලාගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල – මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සිසුවෙක්.

සිව්වන වසරේ ඉගෙනුම ලබන මොහු මේ වන විට පැවැත්වෙන විශ්ව විද්‍යාල විභාග සදහාද පෙනී සිට තිබෙනවා.

පෙරේදා දිනයේ පැවති විභාගයට නොපැමිණීම හේතුවෙන් ඒ පිළිබදව ඔහුගේ මිතුරන් සොයා බලා ඇති අතර ඉන් අනතුරුවයි සිසුවා නවාතැන් ගෙන සිටි ස්ථානයේ ගෙල වැළලාගෙන සිටියදී ඔහුගේ සිරුර සොයාගෙන ඇත්තේ.

සිසුවා නවාතැන් ගෙන සිටි කාමරය තුල තිබී මට සමාවන්න මේ පීඩනය තවත් දරාගන්න බෑ යනුවෙන් ලියූ ලිපියක්ද සොයා ගෙන තිබෙනවා.