අගමැතිගෙන් විපක්ෂයට ආරාධනයක්

අගමැතිගෙන් විපක්ෂයට ආරාධනයක්

රට මුහුණදී ඇති අර්බුද විසඳීම සඳහා දේශපාලනයෙන් තොරව එක්වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (30) විපක්ෂයට ආරාධනයක් සිදුකළා.

ඒ මහා වාරි පද්ධති සංවර්ධනය හා ග්‍රාමීය වැව් අමුණු 5000 ක් පිලිසකර කිරීමේ මධ්‍යකාලීන ආයෝජන වැඩසටහනෙහි දෙවන අදියරේ සමාරම්භක අවස්ථාවට අරලියගහ මන්දිරයේදී එක්වෙමින්.

මෙහිදී නිකවැරටිය – කොබෙයිගනේ – මීගස්වැව ප්‍රමුඛ වාරි කර්මාන්ත 106 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදුකෙරුණා.

එම අවස්ථාවට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ද එක්ව සිටියා.