කළහකාරී හැසීරීම පිටුපස අන්තවාදී කණ්ඩායමක්

කළහකාරී හැසීරීම පිටුපස අන්තවාදී කණ්ඩායමක්

නුගේගොඩ ජුබ්ලි කනුව අසල උද්ඝෝෂණයේ නිරත වූ පිරිස අතර සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් ද සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

යකඩ මුගුරු, කැති, පොලු රැගත් මෙම කණ්ඩායම උද්ඝෝෂණයේ නිරත පිරිස් උසිගන්වා මිරිහාන පැඟිරිවත්ත ප්‍රදේශයේ පිහිටි ජනාධිපතිතුමාගේ නිවස දෙසට ගමන්කර ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිසෙන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගත් බවත් ඉන් බහුතරයක් සංවිධානාත්මක අන්තවාදීන් බවත් නිවේදනය මගින් සඳහන් කර තිබෙනවා.