මිරිහානේ සිද්ධිය ජාතිවාදී-ත්‍රස්තවාදී සිද්ධියක් නෙවෙයි – රනිල් වික්‍රමසිංහ

මිරිහාන පැඟිරිවත්තේ වූ සිද්ධිය ජාතිවාදී හෝ ත්‍රස්තවාදී සිද්ධියක් නොවන හෙයින් එවැනි ප්‍රකාශ කිරීමෙන් පවතින තත්ත්වය තවත් උග්‍රවිය හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (1) පැවසීය.
පීඩාවට පත් ජනතාවට පිළිගත හැකි විසඳුමක් ලබන පාර්ලිමේන්තු සතියේදීම ඉදිරිපත් කළ යුතු අතර ප්‍රශ්න ප්‍රචණ්ඩ ප්‍රචණ්ඩකාරී නොවන ලෙස සාමකාමීව විසඳා ගන්නට හැකි වේවායි ප්‍රාර්ථනා කරන බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා:-
පීඩාවට පත් ජනතාවගේ ගැටලු වලට විසඳුම් නොතිබුණු නිසා මිරිහාන පැඟිරි වත්තේ දී ඊයේ (31)රාත්‍රී සමාජ පිපිරුමක් ඇති වුණා.එයින් මෙතෙක් පැවති ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත්වුණා.මෙම පිපිරීම වර්තමාන දේශපාලන ක්‍රමයේ කඩාවැටීමක් ලෙස හැඳින්විය හැකියි.පීඩාවට පත් ජනතාවගේ ගැටළු විසඳීමට ආණ්ඩුව අසමත් වුණා.එලෙසම විපක්ෂයත් අසාර්ථක වී තිබෙනවා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව විවිධ කණ්ඩායම් ඉලක්ක කරගනිමින් චෝදනා කරන අතර එසේනම් ඒ සම්බන්ධව සාක්කි සහ තොරතුරු ඉදිරිපත් කර මීට සම්බන්ධ කවුදැයි හෙළි කළ යුතුයි.
මේ සිද්ධියේදී ජාතිවාදී ප්‍රකාශ කිරීමෙන් වැළකිය යුතුව තිබෙනවා.මෙි ජාතිවාදී සිද්ධියක් නොවේ.එමෙන්ම මෙය ත්‍රස්තවාදී සිද්ධියක් ද නොවේ.එවැනි ප්‍රකාශ කිරීමෙන් පවතින තත්ත්වය තවත් උග්‍රවිය හැකියි.
ජුබිලි කණුවෙි පැවති උද්ඝෝෂණය සාමකාමී ලෙස පැවැත්වුණා.නමුත් පැඟිරි වත්තේදී ඒ ස්වරූපය වෙනස් වුණා.එය අවාසනාවන්ත සිද්ධියක්.

